මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලිය වටයේ සියලු තරග ඊයේ (22) අවසන් විය.
මූලික වටයේ දී තරග 70ක් පැවැති අතර, එක් කණ්ඩායමක් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 14කට මුහුණු දෙනු ලැබීය.
මූලික වටයේ සියලු තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ මෙවර තරගාවලිය සදහා අලුතින් එක් වූ කණ්ඩායමක් වන හාදික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
ඔවුන් තරග 14කට ක්‍රීඩා කර තරග 10ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් හිමි කර ගත් අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූයේ කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ලසිත් මාලිංග වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි
එමෙන්ම තෙවැනි ස්ථානය තරගාවලියට අලුතින් එක් වූ අනෙක් කණ්ඩායම වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තරග 9 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18 ක් ලබා සිටී.
ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.
බැංගලෝර් පිල තරග 8 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගෙන ඇත.
ප්‍රදාස ලකුණු සටහනේ අවසන් ස්ථානය මුම්බායි ඉන්දියන් පිලට හිමිවූ අතර ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ තරග 4ක් පමණි.
මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය හෙට (24) ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර කල්කටා හිදී පැවැත්වීමට නියමිතය.