ලෝකයේ පැරණිතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය අද (14 වැනිදා) චෙල්සි ක්‍රීඩා සමාජය සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජය අතර එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 18 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 81 ඉක්මවන්නකි.
එංගලන්තයේ පාපන්දු සංගම් අතර 1871 දී ආරම්භ කරන ලද මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 151 වැනි වරටය.
කෙසේවෙතත් පළමු ලෝක යුද්ධයසහ නොයෙකුත් හේතූන් නිසා අතර මැදි වර්ෂවල තරගාවලිය පැවැත්වීමට නොහැකි ඇත.
කෙසේවෙතත් පළමු අවසන් පූර්ව තරගයේදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කරමින් ලිවර්පූල් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
චෙල්සි ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමිනි.
මේ දක්වා පැවැති තරගාවලි 14 ක් ජයගැනීමට අර්සෙනල් ක්‍රීඩා සමාජය සමත්ව ඇති අතර වැඩිම එෆ්.ඒ. කුසාලන සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම ලෙස ඔවුන් ඉදිරියෙන්ම සිටියි.
දෙවැනියට වැඩිම කුසලාන සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම බවට මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය පත්ව සිටින්නේ කුසලාන 12 කට හිමිකම් කියමිනි.
මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙන චෙල්සි පිල 8 වතාවක ජය ලබා ගෙන තිබෙන අතර ලිවර්පූල් පිල 7 වතාවක් ජය හිමිකර ගෙන තිබේ.